Colombo Today Local News

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතා සදහන් කරන්නේ, ඒ තුළ යම් ගැටලුවක් ඇතැයි අදාළ කමිටුව නිර්දේශ කළ හොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමුවන බවයි.

මේ අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරන්නේ, ජාත්‍යන්තරය තුළ පිළිගත් මූලධර්ම අනුව මෙම පනත සකස් කර ඇති බවයි.

යෝජිත නව ත්‍රස්ත්‍ර විරෝධි පනතට සමගි ජනබලවේගය විරුද්ධ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Related posts

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

Admin

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday

රට රකින විරුවෙක් කියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණවා

colombotoday

අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට ඇමතුම් 62ක් අරන්.. දුරකථන වාර්තාව බැදුම්කර කොමිසමට

colombotoday

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin