Colombo Today Local News

නාමල් ට එරෙහි නඩුවක් කල් යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ගවර්ස් කෝපරේට් සමාගමේ රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනාකොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුව යළි සැප්තැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (24)දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් වී තිබෙන අතර, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව මීට පෙර විත්තියේ නීතිඥවරුන් විසින් දැනුම් දී තිබිණි.

ඒ අනුව, නඩුව නැවත සැප්තැම්බර් මස 13 වනදා කැඳවීමට නියෝග කර මහාධිකරණ විනිසුරුවරයා, එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නියෝග කර ඇත.

Related posts

කොරෝනා එන්නත ඉල්ලා ජනපති ගෝඨාගෙන් චීන ජනාධිපති ෂී ජින්ට ලිපියක්

colombotoday

විදේශීය පොහොර වෙනුවට ජෛව පොස්පේට් වෙළෙඳපොළට

colombotoday

රජයේ පාලනය යටතේ යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යමින් පවතිනවා – හියුමන් රයිට්ස් වොච් සංවිධානය

Admin

අධි බලැති පුපුරන ද්‍රව්‍යක් වන රතු රසදිය සිලින්ඩර තුනක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්

colombotoday

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

colombotoday