ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
අද (26)දින එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි පළමු වනදා පස්වරු 02කට රැළිය ආරම්භ වන බවයි.
එමෙන්ම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් සියලු සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.