Colombo Today Local News

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම සමාගම සමඟ මැයි මස මැද වන විට ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත් ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාලය පිළිබඳව එම සමාගම සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා කීය.

එම සමාගමේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීහූ සහභාගි වූහ.

Related posts

එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාව සංශෝධනය කර රනිල් එලවන්න සජිත් පිල සූදානම් !

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday