Colombo Today Local News

ශ්‍රීලංකන් ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ කෝප් කමිටුවට කැඳවයි

ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් ලබන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

මේ අනුව ලබන 25 වැනිදා අපනයන ණය රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ, ලබන 26 වැනිදායි.

තව ද ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන 27 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා ඇත්තේ ලබන 28 වැනිදා ය.

මේ අතර වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වැනිදා කැඳවීමට නියමිත අතර 2023.03.23 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේ දී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහි දී විමර්ශනය කිරීමට අපේක්ෂිතයි.

Related posts

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

Admin

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

රවුෆ් හකීමුත් නඩු ඇසූ පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

රජයේ බුද්ධි අංශ සහරාන්ට කිසිම අවස්ථාවක මුදල් ගෙවා නෑ. | අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

Admin

“අසාධ්‍යයි“.. වෙබ් අඩවි කියද්දී ජනපති තරු හෝටලේ මුසම්මිල්ගේ පාටියේ

colombotoday