World

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක බවට එරට හමුදාව සහ අතුරු හමුදාව චෝදනා කරයි.

හමුදා පාලනය යටතේ වූ සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක් හමුදාවට එරෙහිව සටන් ආරම්භ කළේ ය.

ගැටුම්වලින් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා සහන සැලසීමට සහ තුවාල ලැබූ පිරිස් රෝහල්ගත කිරීමට කල් ලබාදීමට ඊයේ (18) පැය 24ක සටන් විරාමයක් සඳහා දෙපාර්ශවය එකඟ විය.

නමුත් සටන් විරාමය ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් තුළදී නැවත සටන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිවේදන නිකුත් කරමින් හමුදාව සහ අතුරු හමුදාව ද සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට අනෙක් පාර්ශ්වය අපොහොසත් වූ බවට චෝදනා එල්ල කර තිබේ.

ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 200ක් පමණ මියගොස් ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් වේ.

Related posts

චීනයේ කම්හලක ගින්නකින් 36 ක් ජිවිතක්ෂයට

Admin

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

2023 හොඳම ඡායාරූප ශිල්පිනිය අට හැවිරිදි ජේමී ස්මාට්

Admin

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

රුවුල නැතිනම් රැකියාවෙන් දොට්ට

colombotoday

රුසියානු ගුවන්යානය විනාශකළේ 1.5Kg ක TNT අඩංගු ප්‍රමිතියෙන් තොර බෝම්බයක් – ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සනාථයි

colombotoday