World

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය ගුවන් විදුලියේ විකාශන කටයුතු නතරවී තිබේ.

ඒ, ගැටුම්වල නිරත සන්නද්ධ කණ්ඩායම්, එම ආයතනවල පාලනය සියතට ගැනීමත් සමඟයි.

ජාතික විකාශනගාරයේ පාලක මැදිරියට බෝම්බ එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

ගැටුම් ආරම්භයේදී රාජ්‍ය රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ වැඩසටහන් නතර කර, දේශාභිමානී ගීත පමණක් ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබුණි.

එහෙත්, සන්නද්ධ කණ්ඩායම් ඊට ඇතුලුවීමත් සමග ආයතන ප්‍රධානීන් සම්ප්‍රේෂණ මාර්ග කපා හැර තිබේ.

පසුගිය සතියේ සිට සුඩානයේ ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් පුද්ගලයින් මිලියන 2.5 ක් අවතැන්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 97 කි.

වත්මන් සුඩානයේ පාලන බලය හොබවන්නේ සූඩාන ස්වෛරී කවුන්සිල රජය මගිනි.

දෙවසර සැලැස්මක් යටතේ, රටේ පාලනය සිවිල් රජයක් වෙත පැවරීමට හමුදාව සළකා බලමින් සිටී.

එය සැළවීමත් සමග, පැරාමිලිටරි කණ්ඩායම් ඊට විරුද්ධව සටන් ආරම්භ කළේ ය.

Related posts

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

colombotoday

ඉදිරි කාලය ඉතා දුෂ්කර-වේදනාකාරී එකක් වේවි – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන්ට පවසයි

colombotoday

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday