Colombo Today Local News

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

මැතිවරණය පවත්වනවා ද නැද්ද යන්න අද දිනයේ බොහෝ දුරට තීරණයක් ගනු ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ පැවැත්විය.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුනව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍යවෙත පැවසුවේ, අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අසීරු බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 25 ට පෙර ප්‍රකාශයට පත්කරනු ඇති බව එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

Related posts

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට

colombotoday

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday

නොවැ.14 පාර්ලිමේන්තුව පිරිසිදු කරනවා

Admin

අධිකරණයෙන් ඇප ලැබූ ඥාණසාර හිමි පොලීසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

එක්නැලිගොඩගේ පුත්‍රයාට ලංකා පුත්‍ර බැංකුවෙන් ශිෂ්‍යත්වයක්!

colombotoday