අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.
තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ද මියගොස් ඇත.
ඔහු මීට පෙර එම බැංකුවේ සේවය කළ අයෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.