Colombo Today Local News

මාළු ගන්න ගිය දැරියක් අධික තෙරපීම නිසා මුහුදට වැටෙයි

බේරුවල ධීවර වරායේ ජැටියෙන් ජලයට වැටුණු දැරියක් බේරාගැනීමට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයකු සමත්ව තිබේ.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මාළු මිලදී ගැනීම සඳහා අද (11)දින පියා සමග එම දැරිය වරායට පැමිණ ඇත.

එම අවස්ථාවේදී මාළු මිලදී ගැනීම සඳහා ධීවර වරායට විශාල පිරිසක් පැමිණ සිට ඇති බව ද වාර්තා වේ.

එහිදී සිදුවූ අධික තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයකුගේ ශරීරයේ වැදී සමබරතාවය මිදී ගොස් එම දැරිය ජලයට වැටී ඇත.

දැරිය ඇද වැටෙන අයුරු දුටු බෝට්ටුවක සිටි ධීවරයකු වහා ජලයට පැන දරුවා ගොඩගෙන තිබේ.

Related posts

දුමින්ද ශ්‍රීලනිප ජාතික සංවිධායක තනතුරක් ඉවතට

colombotoday

උසස් පෙළ විභාගය ප්‍රමාද විය හැකියි – අධ්‍යාපන ඇමති

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

චම්පික රණවකට ඇප

colombotoday

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

colombotoday