සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යන බවද ඔහු පවසයි.
එය සියලුම මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.