Colombo Today Local News

“බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් “

prabhakaran-mas-weddaහිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ඇවන්ගාඩ් නඩුව සදහා කැඳවා තිබුණේ පසුගිය සිකුරාදාය. නඩුව සදහා පෙනී සිටින්නට නීතීඥවරු 100 දෙනෙක්‌ ඉදිරිපත්ව සිටීම ම පසුගිය සතියේ කා අතරත් කතාබහට ලක්‌වූ එක්‌ සිදුවීමක්‌ විය. මේ සමගම ගෝඨාභයලා සෝමතිලකලා නිශ්ශංක සේනාධිපතිලා ගැන රටේ වෙනමම කතිකාවක්‌ ඇතිවන්නට පටන් ගත්තේ යුද්ධයක්‌ ඉවර කර රටම බේරාගත් රණවිරුවන්ට හා දේශපාලනඥයන්ට ඒ නිසාම අද මුහුණපාන්නට සිදුවී තිබෙන අභියෝග පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් හරි අපූරු කතාවක්‌ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්දට කීවේය.

මම එදා උසාවියට එනකොට පාරේ ලොකු ට්‍රැෆික්‌ එකක්‌ තිබුණා. පරක්‌කු වෙන හින්දා මම මරදානේ ඉඳලා ත්‍රීවීල් එකක නැගලා ආවා. ත්‍රීවීල් එකේ ඩ්‍රයිවර් මහත්තයා මට මාර කතාවක්‌ කිව්වනේ සර් ප්‍රසන්න කියාගෙන ගියේය. මිනිහා කිව්වා හොඳ වෙලාවට ප්‍රභාකරන්ව මරලා පුච්චලා අළු ටික මුහුදට දැම්මේ කියලා. බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් එකටම කියලා ඒ මනුස්‌සයා කිව්වා. ප්‍රසන්න මහින්දට කීවේය. මහින්ද ඊට සිනාසුනා මිස කිසිවක්‌ කීවේ නැත.

Related posts

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදහන්. අමාත්‍යංශ ලේකම් පොලීසි යයි

colombotoday

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

colombotoday

ශ‍්‍රී ලංකිකයන් 06ක් ඉතාලියේ බලය ඉල්ලයි

colombotoday

අපි ඉල්ලන්නේ කොහෙවත් නැති අක්කර 72 ක් නොවේ..අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

colombotoday

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday