Colombo Today Local News

පළාත් පාලන මැතිවරණය ගැන අදත් මැතිවරණ කොමිසමේදී සාකච්ජාවක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඇතුළු නිලධාරීන් අද (07)දින යළි මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙම හමුවේ දී අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වැනි දා පැවැත්විය යුතු බව පවසමින් විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

අද පෙරවරු 9.00 ට කොමිසම හමුවීමට අවශ්‍ය බව ද පිරිස කොමිසමෙන් ඉල්ලා ඇත.

මේ අතර මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට අනුව මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන සමග තවදුරටත් සාකච්ජා කර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සිය තීරණය ලබන බ්‍රහස්පතින්දාට (09) පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

Related posts

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

අයිපල් කුළුණේ ආලෝකය නිවී යයි… ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රංශය ශෝක වෙයි….

colombotoday

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin