කිසිවෙකුට හිතුවක්කාර ලෙස ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොදෙන බවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමි “එට්කා“ ගිවිසුමට සහය දෙනවාද, නැද්ද යන්න ශ්රීලනිපය තවමත් තීරණක් ගෙන නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව කීයේ අගුණකොලපැලැස්සේ පැවති උත්සවයකට එක්වෙමිනි.
මේ වසර අවසන් වන්නට පෙර එට්කා ගිවිසුම අත්සන් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේදී කරන ලද ප්‍රකාශය ගැන ශ්‍රීලනිපයේ මතය කුමක්දැයි මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.