මිහින්තලේ රජයේ පාසලක සිසු පිරිසක් මත්පැන් සාදයක් පැවැත්වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා අද (22) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සිසුවකුගේ උපන්දිනය නිමිත්තෙන් අද උදෑසන 8ට පමණ සිසුන් 7 දෙනකු සාදයක් සංවිධානය කර ඇති අතර පසුව එම සිසුන් මත්ගතියකින් පෙළෙන බව ගුරුවරයකු දැනගෙන ඔවුන් විදුහල්පති වෙත යොමුකරනු ලැබ ඇත.
පසුව ඒ පිළිබඳ වාර්තාවක් ගැනීමට අදාළ සිසුන් 7 දෙනා මිහින්තලේ රජයේ රෝහලට යොමු කරනු ලැබ සිටිති.