Colombo Today Local News

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

mangala-samaraweeraශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදයට ඉඩක්‌ නැති නමුත් පෙඩරල් ක්‍රමයක්‌ සඳහා දොර විවෘත වී ඇති බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඇමරිකාවේ ලොස්‌ඇන්ජලීස්‌ නුවර දී ශ්‍රී ලාංකික ප්‍රජාව අමතා ප්‍රකාශ කර ඇත.

200 ක පමණ ශ්‍රී ලාංකිකයන් සහ සමරවීර මහතා අතර පැවති හමුවේදී මේ බව හෙළි කර තිබේ.

එහෙත් ලොස්‌ඇන්ජලීස්‌හි බෞද්ධ විහාරවල කිසිදු හිමිනමක්‌ එම අවස්‌ථාවට පැමිණ සිටියේ නැත.

මෙහිදී ශ්‍රී ලාංකික කාන්තාවක්‌ වූ රෝමා ද සොයිසා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක්‌ අසමින් ඉල්ලන හැමදේම දීමට රජය සූදානම්දැයි විමසා ඇත.

ඊට ප්‍රතිචාර දැක්‌වූ ඇමැතිවරයා බෙදුම්වාදයට ඉඩක්‌ නැතැයි කියා සිටියේය.

පෙඩරල් ක්‍රමයක්‌ සඳහා දොර විවෘතව ඇති බව විදේශ ඇමැතිවරයා හෙළි කළේ මුල්වරටය.

– Divaina

Related posts

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

ව්‍යවස්ථාදායකයක් නැතිව කොවිඩ් අර්බුධයට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව

colombotoday