Colombo Today Local News

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට කේ ඩී එන් රංජිත් අසෝක මහතා පත්කෙරුණි.

පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

මීට පෙර ඒ මහතා කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශයේ ලේකම්ධුරයේද කටයුතු කර ඇත.

1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇති ඒ මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

Related posts

ක්‍රි.ව. 10වන සියවසට පෙර උතුරේ දෙමළ ජනතාව සිටිය බව ඔප්පු කරන්න. එල්ලාවල හිමිගෙන් විග්නේෂ්වරන්ට අභියෝගයක්‌

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

colombotoday