Colombo Today Local News

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31)දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි ජෝශප් එඩ්වඩ් නම් 72 හැවරදි අයෙකි.

වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට එකවරම බඹර කූඩුවක් කැඩී වැටී එහි සිටි බඹරුන් ඇවීස්සී පුද්ගලයන් දෙදෙනෙකු හට දෂ්ඨ කොට ඇති බව පොලීසිය කියයි.

බඹරුන් දෂ්ඨ කරන ලද පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට රැගෙන ආ බවත්, ඉන් එක් අයෙකු රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා සදහන් කරයි.

අනෙක් පුද්ගලයාටද විශාල බඹරුන් පිරිසක් දෂ්ඨ කොට ඇති බවත්, එම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවද ජෙයරාජන් මහතා පවසයි.

Related posts

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ නොසසුන්කාරි තත්වයක්

colombotoday

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday

නව යුද හමුදාධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක !

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday