අමෙරිකාවේ එතනෝල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගැනීමට ලක්ව තිබේ.
එම දුම්රියේ මැදිරි 22ක් පීලි පැනීමත් සමග ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරුව පුර්වාරක්ෂක ක්‍රමවේදයක් ලෙස එරට Minnesota ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස ද එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා.
මෙම අනතුර සිදු වී පැය 14 කට අධික කාලයක් ගින්න පාලනය කරගත නොහැකිව පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.