Colombo Today Local News

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාවත ඉදිරිපිට මුහුදු තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඔහු වයස අවුරුදු 60ත් 70ත් පමණ වන උස, කෙට්ටු සිරුරක් හෙබි තළෙළු පුද්ගලයෙකි.

කොණ්ඩය කොටට කපා ඇති අතර හිස මුදුනේ තට්ටය ඇති බව පොලීසිය පවසයි.

උඩු රැවුල තරමක් වවා ඇති අතර මළ සිරුර නිරුවත් තිබී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

colombotoday

GSP අපට එපා.. අපේ ආගමික අයිතියට අත නොතබනු.. රජයට එරෙහිව මුස්ලිම් පාර්ශව අවි අමෝරයි !

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයට එල්ලවූ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බොම්බ කරු මෙන්න

colombotoday

තොන්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජිවන් තොන්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

colombotoday

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday

නෙළුම් කුළුණ හොදයි අපට පැනල මැරෙන්න – ටිල්වින් සිල්වා කියයි

colombotoday