Colombo Today Local News

වන අලි පහර දී වනජීවි නිලධාරියෙකුට මරුට

ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ වන අලි පලවා හැරීමේ මෙහෙයුමක දී වන අලියෙකු පහරදීමෙන් රිටිගල වනජීවි කාර්යාලයේ ප්‍රධාන නිලධාරියෙකු මිය ගොස් තිබේ.

ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි පී.බී.ජේ. විජේකෝන් නැමති දෙදරු පියෙකි.

ගලෙන්බිඳුණුවැව දික්වැව ප්‍රදේශයට පැමිණි වන අලි ඊයේ (28) පස්වරුවේ ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර තිබූ අතර ඒ අනුව ප්‍රදේශවාසින් සිවිල් ආරක්ෂක නිලධාරින් එක්ව වන අලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහිදි වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

වන අලි පලවා හැරීමේ මෙහෙයුමට ඊයේ (28) පස්වරුවේ වන ජිවි නිලධාරින් එක් වූ අතර එම අවස්ථාවේදී රිටිගල වනජීවි කාර්යාලයේ නිලධාරියෙකුට වන අලියෙකු පහර දී තිබේ.

අදාළ නිලධාරියා රෝහල් ගත කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

දමිතා අබේරත්නට ඇප

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ

Admin

අමිත් වීරසිංහ තවදුරටත් රිමාන්ඩ්…

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 6ක් ලියාපදිංචි වෙයි

colombotoday