Colombo Today Local News

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරයි

බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරන බව වාහන වායු දත්ත වැඩසටහනේ අධ්‍යක්ෂ දසුන් ජනක මහතා සදහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“2023 පෙබරවාරි 1 වනදා ඉඳලා හෝමාගම, කොට්ටාව, බණ්ඩාරගම, අලුත්ගම, මතුගම, බේරුවල, ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ හැම මාසේම අන්තිමට කරා. ඒ වගේම කිරුළපන, ජාඇළ, නිට්ටඹුව ආදි වශයෙන් සමස්ත බස්නාහිර පළාතම ආවරණය වෙන විදියට වැඩසටහන කරලා වාහන 1,127ක් පරීක්ෂාවට ලක්කරා. ඩීසල් සහ පෙට්‍රල් වශයෙන්. එතැනින් සමත් වාහන 704ක් හඳුනාගත්තා. අසමත් වාහන 403ක් හඳුනාගත්තා. අප්‍රේල් 1 වනදා වනවිට බ්ලැක් ලිස්ට්වීමට නියමිත වාහන ප්‍රමාණයක් තියෙනවා.”

Related posts

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

X-Press Pearl වන්දි සීමාවලට එරෙහි විරෝධතා ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය මහාධිකරණයට..

Admin

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday

අද උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. අපේ කාලේ එහෙම දේවල් වුනේ නෑ

colombotoday

රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදී

Admin

වෙබ් අඩවිවලට, සමාජ ජාලාවලට අගමැති අනතුරු අඟවයි !

colombotoday