Colombo Today Local News

පවුල් ලක්ෂ 29කට මාස දෙකක් නොමිලේ සහල්

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන අද ආරම්භ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රජය විසින් මෙවර මහ කන්නයේදී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර එලෙස අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවර මහ කන්නයේදී රජය ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 61,300 ක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබුණි.

ඒ සඳහා පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක මුදලක් රජය වෙන් කර තිබූ අතර, වී මිල දී ගැනීම ක්‍රියාත්මක වූයේ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ය.

ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබාදෙනු ඇති.

පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට මීට පෙර සැලසුම් කර තිබුණත්, පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේ ය.

Related posts

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

Admin

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday