Colombo Today Local News

මළ අපවහන පද්ධතියක් නඩත්තු කල සේවකයින් දෙදෙනෙකු මරු දකී

කොළඹ, කොටහේන ප්‍රදේශයේ මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක නිතර වූ නගර සභා සේවකයින් දෙදෙනකු සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබේ.

එම සේවකයින් දෙදෙනා සිහිසුන්ව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අද (27) පස්වරුවේ කොටහේන ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ පිහිටි මළ අපවහන පද්ධතියක නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ නගර සභා සේවයින් පිරිසක් ගොස් තිබුණි.

මෙම නඩත්තු කටයුත්ත සඳහා අදාළ අපවහන පද්ධතිය තුළට ඇතුළු වූ සේවකයින් දෙදෙනෙකු සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා මෙසේ මියගොස් තිබේ.

විෂ වායුවක් ආග්‍රහණය වීම හේතුවෙන් මෙම තත්ත්වය සිදු වන්නට ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි.

Related posts

ඉන්ධන සඟවන පිරවුම්හල් සොයා මෙහෙයුම්

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday