පේදුරුතුඩුව – නගර් කෝවිල් ප්රදේශයේ වෙරළ තීරයේ ගාල් කර තිබූ ධීවර බෝට්ටු 10කට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.
පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.
අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, කවුරුන් විසින් ඊට ගිනි තැබුවේද යන්න පිළිබඳව පොලිසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇත.