Colombo Today Local News

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්, ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (23)දින අතුරු තනහම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, විජිත් මලල්ගොඩ, එච්. එම්. එන්. කේ. නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ඊට එරෙහිව ඉදිරිපත්ව තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි.

උපාධිධාරීන්ගේ සංගමය පෙත්සම් ගොනුකර තිබූ අතර පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ,විභාගය පවත්වන ක්‍රියාවලිය නීත්‍යානූකූල නොවන බැවින් අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙසයි.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු, අදාළ විභාගය පැවැත්වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

Related posts

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday

උපදේශන සමාගමකට කෝටි කෝටි 88ක් දෙන්න නිමල්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “බොදු බල සේනා දිවි සරණ.”

colombotoday

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

colombotoday