Colombo Today Local News

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23)දින නියම කර තිබේ.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ. ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම දවස් 30 ක කාලයකට අත්හිටුවා ඇත.

“හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නය හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබිණ.

Related posts

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

මාලදිවයිනේ සිටි ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

colombotoday

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

කැබිනට් මණ්ඩලයේ විසදුම් ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි.

colombotoday