Colombo Today Local News

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අධිභාර පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23)දින පෙත්සමක් ගොනු කර ඇත.

එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාව ගේ සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝගයක් කරන ලෙසද පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට අධිභාරයක් පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි බව ද පෙත්සම්කරු මෙම පෙත්සමේ සඳහන් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබේ.

Related posts

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

මහනුවර නගර සීමාවේ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි හඳුනාගනී

colombotoday

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

colombotoday

CID නිලධාරින් සමග ආමි මොහිදින් සබඳතා පැවැත් වු බවට සාක්ෂි !

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

“සජිත්ට බිය වී රාජපක්ෂලා රටින් පනින්න වීසාත් හදලා“ – සුජිව සේනසිංහ

colombotoday