Colombo Today Local News

අලුත් පක්ෂයට පෙර සූදානමක්… ජනහමු 22ක් සමග සජිත් රට වටේ !

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකකම ලබා නොදෙන්නේ නම් විකල්ප බලවේගයක් ගොඩ නැගිය යුතු බව එජාප සජිත් හිතවාදීන්ගේ අදහස වී තිබේ.

නැවත වරක් ජනතාව අතරට යා යුතු යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ ද අදහස් වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් ‘ජන හමු‘ මාළාවක් පැවැත්විය යුතු යැයිද ඔහු ජනාධිපතිවරන මෙහෙයුම් කමිටුවට අදහස් දක්වා ඇත.

ඒ අනුව එළඹෙන මහමැතිවරණයට පෙර දිස්ත්‍රික්ක 22ක් ආවරණය කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමු 22ක් පැවැත්වීමට නියමිතය.

තිස්ස අත්තනායක මහතාද ජාතික පුවත්පතකට අදහස් දක්වමින් කියා සිටියේ එජාපය තුළින් විකල්ප පෙරමුණක් බිහි විමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

Related posts

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

colombotoday

දේශපාලන පළිගැනීම් කොමිසමට යන්න බෑ කියා අනුර දිසානායක සහ ශානි අඹේසේකර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.

colombotoday

“භික්ෂූන් වහන්සේලා එක්ක හැප්පෙන්න ඇවිත් තමන්ගේ වල කපාගන්න එපා“ – අස්ගිරියෙන් අනතුරු ඇගවීමක්

colombotoday

රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයි

colombotoday

බෲනෝ දිවාකරට ඇප

Admin

උතුරේ සේවා වලටත් බාධා

colombotoday