Colombo Today Local News

ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණ අවශ්‍යයි – IMF කළමනාකරණ අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ප්‍රබල බලපෑමක් කළ හැකි ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය පවසයි.

ඉහළ උද්ධමනය, ක්ෂය වූ සංචිත, තිරසර නොවන රාජ්‍ය ණය සහ ඉහළ ගිය මූල්‍ය අංශයේ අවදානම් මධ්‍යයේ ශ්‍රී ලංකාව දැඩි අවපාතයකට මුහුණ දෙමින් දැවැන්ත ආර්ථික හා සමාජීය අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ඇය අවධාරණය කරයි.

අර්බුදයෙන් ගොඩ ඒමට නම්, ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් හිමිකාරීත්වයක් සහිතව විස්තීරණ ණය පහසුකම් සඳහා සහය දක්වන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බව ජෝර්ජියේවා මහත්මිය පැවසුවා ය.

නිවැරදි සහ ප්‍රමාණවත් ලෙස ප්‍රාග්ධනීකරණය වූ බැංකු පද්ධතියක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන අතර මූල්‍ය අධීක්ෂණය සහ අර්බුද කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවා ය.

දූෂණය මැඩලීමේ අඛණ්ඩ උත්සාහයන් ක්‍රියාත්මක කළ යුතු බවත් වඩාත් පුළුල් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මෙහෙයවිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය අවධාරණය කරන්නී ය.

Related posts

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

අඹු සැමි හුවමාරු කිරීමේ සංගමයක්. බුකියේ සිදුකල ජඩ වැඩේ පත්තු වෙයි. ඇඩ්මින් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

අජි‍නොමොටෝ (MSG)රසකාරක මාරයා වෙළදපොලෙන් ඉවතට

colombotoday

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin