Colombo Today Local News

අදන් ඩොලර් අර්බුදය අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද(20)දින ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව වීරසිංහ මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අය-වැය සහාය ඇතුළත් වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් බවත් ඔහු සදහන් කරයි.

Related posts

සුහද කොක්කු අමනාපෙන්.. රනිල් – අනුර ප්‍රබල ගැටුම්!

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

ලසන්ත ඝාතනය තමාපිට දාන හේතුව හිටපු ආරක්ෂක ලේකම් කියයි !

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

මාලිමාණ්ඩුව එක මාසෙට හයිවේ පහක ණය අරන්

Admin

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday