Colombo Today Local News

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19)දින පැවති නිදහස් ජනතා සන්ධානයේ ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට එක්වෙමිනි.

‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා අවශ්‍ය බව තරුණ පරම්පරාව කීවත්, හිටපු මුදල් අමාත්‍යවරයකු වන යූ. බී. වන්නිනායක මහතා වැනි ‘ස්මාර්ට් පොලිටීෂියන්ලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රටට අහිමි වූ බව ද කීවේය.

බල්ලන් මරා හෝ මුදල් සොයන සංස්කෘතිය ආ පසු රටේ දේශපාලන පිටියේ ඉඩ ලැබුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලට බව කී මන්ත්‍රීවරයා එම ක්‍රමය වෙනස් කර නැවත ආදර්ශ වපුරවන දේශපාලනය පොළොවට රැගෙන ආ යුතු බවත්, එය කළ හැකි නායකයන් නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල සිටින බවත් පැවසීය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමෙන් පසු ‘ණයට අරන් – සැපට කාලා – ජොලියෙ ඉඳලා – අනාගත පරපුර බිල්ලට දීමේ වැඩපිළිවෙල යළිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.

රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

Related posts

“ෆෙඩරල් දෙන්න පොරොන්දු වුණා..! අපේ පිපාසය ඊළමයි“ ජාත්‍යන්තර ඊළාම් ජාලයෙන් නිවේදනයක්

colombotoday

විසා අවලංගු කල ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

colombotoday

‘අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ’

colombotoday

ඥාණසාර හිමි නිදහස් නොකළොත් ඊට විරුද්ධව ප්‍රබල හඬක් රට තුළ ගෙනියනවා. – පා.ම විජේදාස රාජපක්ෂ කියයි

colombotoday

ඉන්ධන – විදුලිය අර්බුදයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරයි

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin