Colombo Today Local News

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ආහාර ආධාරයක්

එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විදේශ කෘෂිකර්ම සේවා ‘මැක්ගවර්න්-ඩෝල් අධ්‍යාපනය සඳහා ආහාර’ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ආහාර ආධාරයක් ලැබීමට නියමිත බව අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනය කරමින්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ප්‍රකාශ කළේ, අදාළ ආධාරය හරහා සවිගැන්වූ සහල් මෙට්‍රික් ටොන් 770ක් සහ සවිගැන්වූ එළවළු තෙල් මෙට්‍රික් ටොන් 100ක් මෑතකදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ය.

එක්සත් ජනපද රාජ්‍යයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන පාසල් පෝෂණ වැඩසටහනක් නිරීක්ෂණය කිරීම සඳහා ගුරුආරගම ප්‍රාථමික විද්‍යාලයට ගිය අවස්ථාවේදී ඇය මේ බව නිවේදනය කර ඇත.

2021 වසරේ සිට මේ දක්වා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක 7ක ප්‍රාථමික පාසල් 835ක සිසුසිසුවියන් 95,000 දෙනෙක් වෙත කහ පරිප්පු සහ ඇලැක්සන් රෝස සමන් ලබා දීම හරහා අතිරේක ප්‍රෝටීන් පෝෂණය ලබා දෙනු ලැබ ඇතැයි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයි

colombotoday

ජනක – ලොහාන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට !

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

විමල්ට ඇප නොදීම ගැන ඩිලාන්ට සැකයක්.. දේශපාලන කුමන්ත්‍රණයක් ගැනත් කියයි !

colombotoday