Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

මෙම වසරේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව ගත වූ මාස දෙකයි දින 18කට ආසන්න කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 16,016කි.

මාර්තු මාසයේ ගත වූ දින18කට ආසන්න කාලයට පමණක් ඩෙංගු රෝගීන් 2,407ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මාර්තු මාසයේ දින 31ටම මෙරටින් වාර්තා වී තිබුණේ ඩෙංගු රෝගීන් 2,392ක් පමණයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම වසරේ දී ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Related posts

රුවන්වැලි මහා සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට අරන් !

colombotoday

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday

සහල් මාෆියාවේ මහමොළකරු වසන්ත සමරසිංහයි

Admin

”ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය අද තැන තැන කඩ සල්පිල් ගානට වැටිලා” – අස්ගිරි අනුනාහිමියෝ පවසති

colombotoday