Colombo Today Local News

මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17)දින පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ යෝජිත “මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ” අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් එම බැංකුවේ ස්වාධීනභාවයට බරපතල අනතුරක් සිදුවන බවය.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන බවත් මහ බැංකුව පාර්ලිමේන්තුවේ පාලනයෙන් මිදෙනු ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

Related posts

උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178කට මූල්‍යමය ප්‍රතිපාදන

Admin

කෝටි 5ක කොකේන් ගිල ආ විදේශිකයෙක් රේගුවේදී අත්අඩංගුවට

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

ජල මිල ඉහළ දැමීම ගැන සජිත්ගෙන් රජයට චෝදනා

Admin

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

කරු කථානායකධුරයට සමුදීමට සූදානම් !

colombotoday