Colombo Today Local News

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී තිබේ.

ඒ අනුව කොට්ඨාශ බාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශයේ සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බවත්, සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැලැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත් පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝග ලබාදී ඇත.

Related posts

05 වැනි යුක්‍රේන කණ්ඩායමත් අද දිවයිනට

colombotoday

ගෝඨාභය අරලියගහ මැදුරේදී රනිල් හමුවේ…

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday