Colombo Today Local News

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

රාජ්‍ය ආදායම ඉදිරියේදී ඉහළ ගියහොත් පළමුවෙන් සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14)දින පැවසීය.

වර්තමානයේ පවතින බදුවලට රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණක් වන අතර, සෙසු සියයට 90ක රාජ්‍ය සේවකයන්ට එය අදාළ නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වත්මන් බදු ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියේදී රජයේ ආදායම් මාර්ග ඉහළ ගියහොත් ප්‍රථමයෙන්ම සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බවත්, ඔවුන්ගේ දීමනා බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් මගින් සළකා බලමින් සිටින බවත් ඇමතිවරයා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

Related posts

ලංකාවට කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

Admin

මෙවර ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා

Admin

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

colombotoday

අපි ඇබා සංගීතය රස වින්දා ටිල්වින් කියයි

Admin

මැතිවරණ කොමිසම අද රැස්වේ

colombotoday