Colombo Today Local News

ජනපතිතුමනි මෙන්න ඔත්තුවක්‌ – බ්‍රොඩ්ලන්ඩ් විදුලිබලාගාරයේ රසායන අපද්‍රව්‍ය තොග පිටින් කැලණි ගඟට

broland-33

ජලජ ජීවීන්ගේ හා ජලජ ශාකවලට දැඩි බලපෑම් ( පරිසර සංවිධාන පෙන්වා දෙයි)
තල්දුව – අංජුල නිශාන්ත

කිතුල්ගල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ රසායන ද්‍රව්‍ය මිශ්‍ර අපවිත්‍ර ජලය බවුසර් මගින් කිතුල්ගල කලුකොහුතැන්න ප්‍රදෙශයේදී කැලණි ගඟට එක්‌ කිරීම තුළින් දැඩි පරිසර හානියක්‌ සිදුවන බව පරිසර සංවිධාන පවසති.

දැනට දින කීපයක සිට බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකරන ස්‌ථානයේ සිට මෙසේ බවුසර් මගින් අපවිත්‍ර ජලය ගෙනවිත් දැමීම හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟ සම්පූර්ණයෙන්ම අපවිත්‍ර වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කිතුල්ගල සංචාරක කලාපයේ පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපති සෑම් ජයනන්ද මහතා –

බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ කිතුල්ගල ප්‍රදේශයේ පරිසරයට දැඩි හානි සිදු වී තිබෙනවා. දැනට දින කීපයක සිට බලාගාරයේ සිට අපවිත්‍ර ජලය සහිත බවුසර් කිතුල්ගල කලුකොහුතැන්න ප්‍රදේශයේදී කැලණි ගඟට එක්‌ කරනවා. මේ හේතුවන් ගඟේ් වාසය කරන ජලජ ජීවීන්, ජලජ ශාකවල පැවැත්මට දැඩි හානියක්‌ සිදු වෙනවා, මෙම ප්‍රදෙශයේ කැලණි ගංඟාවේ ලංකාවට ආවේණික වඳවීමේ තර්ජනයට ලක්‌ වී රතු දත්ත පොතට පවා ඇතුළත් කොට සිටින මසුන් විශාල සංඛ්‍යාවක්‌ සිටිනවා. අපවිත්‍ර ජලය ගඟට එක්‌ වීමත් සමඟ ගඟේ් වාසය කරන මසුන් වඳවීයාමේ අවදානමක්‌ පවතිනවා. එම නිසා වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසයි.

කිතුල්ගල කලුකොහුතැන්න ප්‍රදේශයේ පදිංචි සාන්ත උදය කුමාර මහතා මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින්,

කිතුල්ගල ප්‍රදෙශයේ කැලණි ගඟේ් දිය නෑම සඳහා ලංකාවේ විවිධ ප්‍රදෙශ වලින් ජනතාව පැමිණෙනවා. ගඟට අපවිත්‍ර ජලය එකතු වීම නිසා දිය නෑමට පැමිණෙන ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා, මේ අපවිත්‍ර ජලය නිසා ගඟේ් වාසය කළ මසුන් විශාල ප්‍රමාණයක්‌ මියගොස්‌ තිබෙනවා, මේ තත්ත්වය දිගටම පැවතියහොත් ගඟේ මාඵවෙක්‌ දකින්න ලැබෙන්නේ නෑ, එම නිසා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවලිය වහාම නතර කරන ලෙසයි.

 

Related posts

ප්‍රේමලාල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව යයි..

colombotoday

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

colombotoday

පානදුර OIC අධිවේගී යතුරු පැදි දෙකක ගැටෙයි

colombotoday

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

colombotoday

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday