Colombo Today Local News

බදු අහෝසි කරන්න හැකියාවක් නෑ.. – ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බවත් මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

“මට අවශ්‍ය ජනප්‍රිය වන්න නොවේ. රට වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නයි. මා රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. එහි සත්‍ය තත්ත්වය තව වසර දෙක තුනකින් ජනතාවට තේරේවී.

අප බදු පැනවූයේ කැමැත්තෙන් නොවේ. අප කැමති වූ දේ කළ පමණින් රට ගොඩනගන්නට බැහැ. උපයන විට බද්ධ අහෝසි කළ හොත් රටට බිලියන සීයක් අහෝසි වෙනවා. අහිමි වන සම්පුර්ණ මුදල රුපියල් බිලියන එකසිය හැට තුනක් වෙනවා. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ.

Related posts

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

colombotoday

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු දෙදෙනෙකු අල්ලස් චෝදනාවලින් නිදහස්..

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday

රත්තරං තාවකාලිකව ඉල්ලා අස්වෙයි…

colombotoday