Colombo Today Local News

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

මේ ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසාගන්නා තත්ත්වයට පත් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මැති ඇමැතිවරුන් කීපදෙනෙකු ආණ්‌ඩුව ඇතුළේ සිටම ආණ්‌ඩුව තදින් විවේචනය කරමින් දොස්‌ පවරන බව පැවසූ හිටපු ජනාධිපති ලෝකයේ කිසිම රටක මේ ආකාරයේ ආණ්‌ඩුවක්‌ නැති බව ද කීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“රට කරවන නායකයන්ගේ කිසිම විනයක්‌ නැහැ. සාරධර්ම විනාශවෙලා. ආණ්‌ඩුවේ එකිනෙකා අතර විශ්වාසය නැති වෙලා. වෛරය, ක්‍රෝධය පළිගැනීම වැඩි වෙලා. රට කරවන උදවිය මෙහෙම නම් තවත් එහාට මොන කතාද? බුද්ධ ශාසනය භාර ඇමැතිවරයා පවා කියනවා රටේ බුද්ධාගමට තැනක්‌a නැහැ කියලා.

ජපානයේ යතුරුපැදි මෙහේ අඩු මිලට ගන්න සලස්‌වලා. ඒකත් කතාව විතරයි. අඩු මිලට ගන්න මෙහේ ජපන් යතුරුපැදි නැහැ. ජපානයේත් මේ යතුරු පැදි වර්ගය තියෙනවාද දන්නේ නැහැ.

හැම දෙයක්‌ම කතාවට පමණක්‌ සීමා වෙනවා. මැති ඇමැතිවරුන් එකිනෙකා ආණ්‌ඩුවට දොස්‌ කියනවා. විවේචනය කරනවා. එහෙම කිය කියා ආණ්‌ඩුවේම ඉන්නවා. ලෝකයෙන්ම පුදුමාකාර ආණ්‌ඩුවක්‌ කිව්වට වරදක්‌ නැහැ.

Related posts

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

colombotoday

“මොළ හතේ ඇමති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති “

colombotoday

දහම් පාසල අනිවාර්යය කළ යුතුයි – නමට බෞද්ධකම වැඩක් නෑ

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක්

colombotoday

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin