Colombo Today Local News

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු හෙක්ටෙයාර් 770,000කින් සියයට 08ත් 10ත් අතර ප්‍රමාණයකින් වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැවීමට මුලික හේතුව පොටෑසියම් (K) ඌනතාවය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය හා අනෙකුත් දිලීර රෝග ගොයමෙහි පෝෂණ ඌනතාවන් නිසා පහසුවෙන් වැළඳිය හැකි රෝග තත්ත්වයන් බව මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැනට මෙම ගොයම් කහ පැහැවීමේ රෝගය බහුල වශයෙන් වාර්තාවන්නේ මහවැලි සී හා එච් කළාපවලින් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි. ගොයම් වගා කර ඇති සමස්ත බිම් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ ගොයම් කහ පැහැ වීමට ලක්ව තිබෙන්නේ සියයට 08ක් 10ක් අතර ප්‍රමාණයක් වුවත්, එම තත්ත්වය උග්‍ර ලෙස දක්නට ලැබෙන්නේ සියයට 03ක් තරම් ප්‍රමාණයකිනි.

Related posts

මහින්දගේ ආගමනය දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

Admin

අද හුදකලා කෙරුණු ප්‍රදේශ මෙන්න

colombotoday

20 සම්මත කරන්න ආණ්ඩුව 2/3 තිබෙනවා..අප අවශ්‍ය තීන්දුව අවශ්‍ය වෙලාවට ගන්නවා..- සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියයි

colombotoday

අයවැයෙන් E-bay, Amazon, Aliexpress මගින් ගෙන එන භාන්ඩ සදහා බද්දක්…

colombotoday