Colombo Today Local News

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් බස් රථ 50ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතින් අද (5)දින සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඊට අදාල ලේඛන කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ ජනාධිපතිවරයාට බාර දුන්නේය.

පීත්ත පටි කපා බස් රථ දෙකක් විවෘත කළ ජනාධිපතිවරයා ඒවා නිරීක්ෂණය කිරීමට ද එක් විය. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙම බස් රථ ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

එහි පළමු තොගය ලෙස බස් රථ 75ක් පසුගියදා ශ්‍රී ලංකා රජය වෙත බාර දෙනු ලැබීය. තවත් බස් රථ 40ක ලියාපදිංචි කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. ඒ අනුව බස් රථ 165 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබාදී ඇති අතර 2023 මාර්තු අවසන් වන විට බස් රථ 500 ලබාදීමේ ව්‍යාපෘතිය සම්පුර්ණ කිරීමට නියමිතය.

Related posts

ජවිපෙ මුදල් ගණුදෙනු ගැන රාජිත පුත් චතුර, නම් ගම් සහිතවම හෙළි කරයි

colombotoday

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Admin

ආරුගම්බේ ප්‍රහාරය ගැන ඉන්දීය ඔත්තු සේවා කල හෙළිදරව්ව මෙන්න

Admin

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

colombotoday