Colombo Today Local News

අවුරුදු තුන හමාරක දැරියක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (01) පස්වරුවේ දැරිය ඇයගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත.

එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි.

දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක ඇත.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සහරාන්ගේ බිරිඳ හාදියාට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිවස අසලට ගිය අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

Admin

පාරිභෝගිකයාගේ සාක්කු සුද්ද කරන ඛණිජ තෙල් මාෆියාව !

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

මහනාහිමි තීරණය නොතැකේ.. ව්‍යවස්ථා මණ්ඩලයෙන් විමල් ගියාට ඒකාබද්ධය නොයයි !

colombotoday