Colombo Today Local News

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

අභිමානවත් 75 වැනි නිදහස් දිනය අදට(04) යෙදී තිබේ.

නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුදොරදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සුදානම් ය.

මෙවර නිදහස් දින උළෙලට යුධ, ගුවන්, නාවික හමුදා, පොලිස් විශේෂ බලකාය, විශ්‍රාමික රණවිරුවන් 6,410 ක් සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිදහස් දින පෙළපාලියට රථ 108 ක් ද එක්වන බවයි.

නාවික හමුදා බල ගණ 07ක් මේ සඳහා සහභාගී වෙයි.

සමස්තයක් වශයෙන් නිලධාරින් 58 ක් ඇතුළු නාවික බට පිරිස් 1001ක් මෙවර පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති.

ගාලු මුවදොර මුහුදු තීරයේ විශේෂ නෞකා 03ක් නැංගුරම්ලා ඇති අතර, දහවල් 12.00 ට ජාතිය වෙනුවෙන් , ආචාර වෙඩි මුර 25ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ගුවන් හමුදාවේ සියලුම අංශ නියෝජනය කරමින් සෙබළුන් 650 ක් හා සන්නද්ධ රථ 27ක් නිහදස් දින පෙළපාලිය සඳහා සහභාගී වනු ඇති.

ගුවන් සංදර්ශනය සඳහා එක්වන ගුවන් යානා සංඛ්‍යාව 14කි.

සාම්ප්‍රදායික පැරෂුට් සංදර්ශනය උත්සවය අවසානයේ පැවැත් වෙන අතර ඒ සඳහා බට පිරිස් 40 ක් සහභාගීවීමට නියමිතයි.

පොලීසිය නියෝජනය කරමින් බල ඇණි 04 ක් එක් වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් මේ සඳහා නිදහස් දින පෙළපාලියට එක්වන සාමාජිකයින් සංඛ්‍යාව 220කි.

Related posts

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

අපේ මිනිස්සුන්ගෙ කුසගිනි හදුනාගත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසල.

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

පස්සේ හංගන් රත්රන් පන්නන්න හැදූ ඉන්දියානුවන්ට වැඩ වරදී

colombotoday

ත්‍රිකුණාමල රෝහලේ හෙදියන් පහකට කොරෝනා | වැක්සීනයේ පළමු මාත්‍රාව ලබාගත් දෙදෙනකුත් ඒ අතර

colombotoday