Colombo Today Local News

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ගරාජයක සඟවා තිබී සොයා ගෙන තිබේ.

එය රැගෙන ආ බව පවසන යුවළක් මේ වන විටත් විදේශ ගතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම ඝාතනය ඉකුත් 30 රාත්‍රියේ දී සිදු වන්නට ඇති බව සැක කරන බවත් 31 වෙනි දින එම සැකකාර යුවළ විදේශගතව ඇති බව පොලිසිය පවසයි.

ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇතැයි ද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Related posts

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ OPD වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

Admin

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

colombotoday

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

Admin

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday