Colombo Today Local News

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

2023 පෙබරවාරී 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩූක්‍රම ව්‍යවස්තාවේ 34 වන වගන්තියට පැවරී ඇති බලතල අනුව, බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති සමාව ප්‍රධානය කර ඇත.

ඒ අනුව, දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 588 ක් හට රාජ්‍ය සමාව හිමි වී ඇති අතර, හෙට දිනයේදී මෙම සිරකරුවන් බන්ධනාගාර ආයතන තුළින් නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කරයි.

එමෙන්ම අද දින නිකුත් කර ඇති චක්‍රලේඛණ අනුව, මත් ද්‍රව්‍ය ‍චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් දඬුවම් ලැබ පුනරුත්ථාපනය වන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඇත. එම සමාවට සුදුසුකම් ලබන රැඳවියන්ගේ ප්‍රමාණයන් ගණනය නිශ්චිත වශයෙන් කිව නොහැකි අතර, ගණනය කිරීමෙන් අනතුරුව දැනුම් දීමට කටයුතු කරන බව චන්දන ඒකනායක මහතා පවසයි.

මීට අමතරව බන්ධනාගාර තුළ යහපත් කල්ක්‍රියාවෙන් සිටි සිරකරුවන් බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සුදුසුකම් ලැබූ බන්ධනාගාරගත රැඳවියන් 31 ක් ද හෙට දින නිදහස් වීමට නියමිතව ඇත.

Related posts

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු ආපන ශාලාවක දී කොටු

colombotoday

හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලාබසී

Admin

අධ්‍යාපන ඇමැති බොරු කියනවා – ලංකා ගුරු සේවා සංගමය

colombotoday

රජයේ රෝහල් මගින් බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට

colombotoday

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday