සිංගප්පූරුවේ මව්න්ට් එළිසබත් රෝහලේ දී විවෘත හෘද සැත්කමකට (බයිපාස්) ලක් කළ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ සිට ඊයේ (17) රාත්‍රී 9.30ට පමණ දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 309 ගුවන්යානයෙන් ඔහු දිවයිනට පැමිණියේය.
හදිසියේ ඇති වූ හෘද රෝගී තත්තවයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි 19 වැනිදා විශේෂ ගුවන් යානයක් මගින් සිංගප්පූරුවේ මව්න්ට් එළිසබත් රෝහල වෙත ගෙන ගිය ඇමතිවරයා පසුව හදවත් සැත්කමකට ලක් කරන ලදි.