Colombo Today Local News

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනා ගෙන ඇසුරු කරන්නට පටන් ගෙන තිබේ. මෙම පුද්ගලයන් අතර එක් පුද්ගලයෙකු සිය අනියම් සැමියා ලෙස යොදා ගෙන තිබේ.

ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් ඇයගේ නිවසට පැමිණෙමින් ඇය සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ.

මේ අතරතුර එක් දිනක ඇයගේ හත් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමට අනියම් සැමියා පෙළඹි ඇති අතර ඒ සඳහා දැරියගේ මව වන අනියම් බිරිඳ සිය අනියම් සැමියාට අනුබල දී තිබේ.

මේ සම්බන්ධයෙන් දැරිය සිය නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියට පවසා පොලිසිය වෙත පැමිණිලි කැරනු ලැබ තිබේ.

Related posts

සනත් නිශාන්තට ඇප

colombotoday

අමාත්‍යාංශයට අවුරුදු දෙකයි.. රජයෙන් රුපියලක්වත් දීල නෑ – චම්පික කනගාටුවෙන්

colombotoday

බදියුදීන්ගේ මස්සිනා ලිංගික හිංසනයට ලක්කල තවත් කාන්තාවක් සාක්ෂි දෙයි

colombotoday

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

කැලණිතිස්ස බලාගාරයක් හෙට සිට නවතී

Admin