Colombo Today Local News

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනයට ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ලක් දමාගෙන සිටින ඡායාරූපයක් යැවු පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රෙද්ශයේ පදිංචිව 22 හැවිරිදි සිසුවෙකි.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එය නතර කර දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විශ්ව විද්‍යාලය කරා යාමට පහසු වන පරිදි මියගිය සිසුවාගේ පියා සිසුවාවට පන්නිපිටිය ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇති අතර මෙම සිද්ධිය වී ඇත්තේ එම නිවසේ කාමරයකදී බව පොලිසිය කියයි.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මව්පියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය.

මහරගම පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අසාත්මිකතා නිසා රෝගීන් මියයාමේ පරීක්ෂණ වාර්තාව සති 3 කින්..

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

colombotoday

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday