Colombo Today Local News

ලංකාවට IMF සල්ලි ගන්න තවත් වැඩ ටිකක් කරන්න තිබෙනවා – සාගල රත්නායක

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීමට පෙර තවත් කටයුතු කිහිපයක් නිම කිරීමට තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි.

එම කාර්යයන් නිම වූ විගස ගිවිසුම අස්සන් කළ හැකි යැයි පැවැසූ හෙතෙම අනතුරුව දේශීය ආර්ථිකයට සැලකිය යුතු මූල්‍ය ප්‍රවාහයක් එකතු වනු ඇතැයි සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මාලිගාවත්ත, ඛෙත්තාරාම පාරේ පසුගිය (18)දා පැවැත්වූ මහජන හමුවකට එක්වෙමින් රත්නායක මහතා මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අස්සන් කිරීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවට මූල්‍යාධාර ලබා දීමට පියවර ගනු ඇති බව ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කීය.

අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිශාවට ගැනීමේ මූලික අඩිතාලම ඇරඹිය හැකි බව ද ඔහු කීවේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩගැනීම සඳහා නීති‍, රෙගුලාසි හා ක්‍රමවේද සකස් කරගෙන යන බව පැවැසූ හෙතෙම එතුළින් දේශීය හා විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසයක් ඇතිවනු ඇතැයි සඳහන් කළේ ය.

Related posts

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

colombotoday

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday

පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් මර්දන කරල් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් කරන්න මැතිසබයේ හෙට ඡන්දයක්

Admin

“සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බරයේ එනවා.. වැරදිකරුවන් සොයා දඩුවම් දෙනවා” – විදේශ ඇමති

colombotoday